connections / February 22, 2012
සබැඳියාව | Connections – February 21, 2012
මෑත ඉතිහාසයේ රට තුළ වරෙකදී තෙල් මිළ ඉහළ ගිය වැඩිම ප‍්‍රතිශතය වාර්තා වුනා. තෙලේ ඇති බලේ නිසා රටේ විවිධ විරෝධතා මතු වුනා. ආරක්ෂක අංශ වෙඩි පහරින් අයෙක් මිය ගියා. දැන් රට කොයිබටද?
* යමුද පාසිකුඩා?
පහුගිය කාලේ අපේ රටේ සමහර තැන් වල අපට යන්නට නොහැකි වුනා. හැබැයි යුද්ධයෙන් පස්සෙ තත්වය වෙනස් වුනා. දැන් හැම තැනම යන්න පුලුවන් වගේම ඉන්න තැන් පවා අලුතින් ඉදි වෙනවා
* සංචාරක ව්‍යාපාරය පරිසරය වනසයි?
යුද්ධයට වඩා සාමයෙන් පරිස්සම් විය යුතු තැන් තිබෙනවා. පරිස්සම් කළ යුතු දේවල් තියෙනවා. අපේ පරිසරයත් යුද්ධය අවසානයේ ලැබූ නිදහසින් පරිස්සම් කරගත යුතුද?
* පදික වේදිකාවට ගිය කලාව
සාමාන්‍යයයෙන් පදික වේදිකාව කිව්වම අපට මතක් වෙන්නෙ වෙළෙන්දන් සහ යාචකයින්. හැබැයි වසරකට වරක් පදික වේදිකාව කිව්වම චිත‍්‍ර ශිල්පීන්ව මතක් වෙන මොහොතකුත් එනවා.