connections banner

connections / October 16, 2012

සබැඳියාව | Connections – October 16, 2012

අධිකරණයේ ස්වාධීනත්වය…
රටක පරිපාලනය ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන ආයතන තුන මත
සම්පුර්ණයෙන්ම රඳා පවතිනවා. අධිකරණය කියන්නේ ඒ අතරින් සාමය, සමානාත්මතාවය
ස්ථාපිත කරන්න පුළුවන් ප්‍රධාන ආයතනයක්. අධිකරණය සෑම විටම ස්වාධීනයි.
නමුත් අධිකරණයට යම් යම් ප්‍රශ්න ඇති වූ අවස්ථාවන්ද තියෙනවා. පසුගිය දිනක
අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම්වරයාට එල්ල වූ ප්‍රහාරය ඒ සඳහා දිය හැකි
ආසන්නතම නිදසුනයි.

උතුර විදුලියෙන් දකුණට සම්බන්ධ වෙයි…
යුද්ධය පැවති කාල වකවානුවේදි උතුරු – නැගෙනහිර පළාත් වල යටිතල පහසුකම්
බොහෝමයක් විනාශයට පත්වුණා. විදුලිය ඒ අතරින් ප්‍රධානයි. නමුත් වසර 30කට
පසුව උතුරු – නැගෙනහිර පළාත් ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කරන්න
විදුලි බල මණ්ඩලයට පුළුවන් වුණා.

ජාතික සමගිය T 20 ඔබ්බට…
T – 20 ලෝක කුසලන තරඟාවලිය නිමාවට පත් වුණේ ශ්‍රී ලංකාව එහි අනුශූරයන්
බවට පත්කරලමින්. නමුත් සියළු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රාර්ථනාව වී තිබුණේ ශූරතාවය.

ජාතික සමගියට ක්‍රීඩාව …
ගල්කිස්ස රොටරි සමාජය පසුගියදා බීච් හැන්ඩ්බෝල් එහෙමත් නැත්නම් වෙරළ
අත්පන්දු තරඟාවලියක් සංවිධානය කර තිබුණා. ජාතීන් අතර අණ්‍යෝන්‍ය අවබෝධය
වර්ධනය කිරීම සහ සහජීවනය ගොඩනැංවීම මෙහි ප්‍රධාන අරමුණ වුණා.

Discussion Guidelines