connections / September 18, 2012
සබැඳියාව | Connections – September 18, 2012
අතුරුදහන්වීමට ලක් වු අය ජීවතුන් අතර ඉන්නවාද නැද්ද කියා කිසි කෙනේක් දන්නේ නැහැ. නමුත් අතුරුදහන්වුවන්ගේ ඥාතීන් තම අතුරුදහන්වුවන් නැවත කවදා හෝ තමන්වෙත පැමිණේ යැයි අපේක්ෂාවෙන් සිටිනවා.
දේශපාලන සිරකරුවන් නමින් කොටසක් සිටීද?…
අත්අඩංගුවට ගන්නවා. රඳවගන්නවා. සමහර විට කියනවා මේ අය දේශපාලන හේතුන් මත අත්අඩංගුවට ගත්තා කියලා. හේතුව කුමක් වුණත් ඔවුන්ගෙන් සමහරක් දීර්ඝ කාලයක් තිස්සේ සිර අඩස්සියේ පසුවෙනවා.
නැතිබැරි දක්ෂ දරුවන්ට අතහිත…
වටිනා සමාජ මෙහෙවරක නියැලෙන තරුණ පිරිසක් පසුගියදා ඇමරිකාවේ වොෂින්ටන් නුවරින් අපිට හමුවුණා. එඩියුකේට් ලංකා නමින් ඔවුන් පිහිටුවාගෙන තිබෙන සංවිධානය ලංකාවේ ජීවත් වන අඩු ආදායම්ලාභී සිසුන් සඳහා විවිධ අධාර උපකාර ලබාදෙනවා.
